Customization ( අභිරුචිකත්වය /රුචිකත්වය   )


ඔබ ව්‍යාපාරියකු නම්,  ඹබ වෙත පැමණෙන එකදු ගණුදෙනුකරුවා වුවද සතුටින් පිටත් කළහැකි නම් එය ඔබගේ ව්‍යාපාරයේ සාර්ථක බවට තුඩු දෙයි. Happy Customers are Repeat Customers “  බැව් ව්‍යාපාරික ලෝකය දනී.පුද්ගල රුචිකත්වය එතරමට ම , ප්‍රබල ව ව්‍යාපාර තුළ කිඳා බැස ගෙන සිටී.

අප පාරිභෝගිකයන් යනු විවිධාකාර රුචිකත්වයන් ඇත්තන් වන අතර ඔවුන්ගේ අභිරුචිකත්වයන්ට ගැලපෙන දේ  දිය හැකි නම් ඒ සඳහා  වූ මිල අධික ගෙවීමකට වුවද ඔවුන් සූදානම්ය.  අවශ්‍ය  වන්නේ පාරිභෝගිකයා හුදෙක් තම පුද්ගලානුබද්ධ වූ ( Personalized ) මෙන්ම , තමාටම ආවේනික හා අනන්‍ය( Exclusive & Unique) වූ භාණ්ඩයක් හෝ සේවාවක් වීම පමණි. සැකවින්ම කියතොත් පුද්ගලානුබද්ධ අගයක් ( Individual value එකක් ) භාණ්ඩයකට නඩත්තු කිරීමට ගිජු මානව වර්ගයා හෙවත් Customization Lovers ලා  ලොව සිටින තාක් පුද්ගල අභිරුචිකරණය ( Customization ) ව්‍යාපාර හා බද්ධව ගමන් කරයි.


තම පාරිභෝගිකයන් සියල්ල සලකා , ඔවුන්ගේ අභිරුචිකත්වයන්ට ගැලපෙන භාණ්ඩය හෝ සේවාව සැපයීම සැබවින්ම දුෂ්කර කටයුතතකි  ; අභියෝගයකි. එය ඉතා මිල අධික කටයුත්ක් මෙන්ම , .කාලයද ශ්රමයද වැය වන්නකි. එසේම එහි යම් අවධානමක් වෙත්ද , එයද ව්‍යාපාරිකයා හට නිතැතින්ම හිමි වේ. නිෂ්පාදන ක්රියාවලියේ සිටම භාණ්ඩය පර්‍වාහණය කිරීමේදී මෙන්ම නිවැරදි භාණ්ඩය ම පුද්ගලයා අතට පත්වී (No Shipping to wrong  customer ) දක්වා වුවද මේ අවධානම නොනැසී පවතී.

Customized භාණ්ඩයක් පරිපරිහරණය කරන පාරිභෝගිකයා හට අත්විඳිය හැකි අප්‍රසන්න අත්දැකීම් සාමානය භාණ්ඩයේ පරිහරණය කරන්නාට අත්නොවිඳින්නට සිදු නොවිය හැකි අතර එහි උච්චතම අවස්ථාවක් වන හිටි අඩියේම ඇතිවන  Pop up Bugs වල අවධානම දරන්නට ව්‍යාපාරිකයා මෙන්ම සේවාසපයන්නා සූදානම්ව සිටිය යුතුය.

එනමුදු,  තමන්ටම ආවේනික පරිභෝජනයට ආදරය කරන Customisation Lovers ලා ගෙන් මෙලොවට අඩුවක් වන්නේ නම් නැත. තව සියවසක් කල් ගියද මොවුන් උරුමකම් කියන්නේ නව අත්දැකීම් ප්‍රියකරන මෙන්ම.. ඒවා මිලදී ගැනීමෙන් අධිකව තෘප්තියක් විඳින , ඇතැම්විට එවැනි භාණ්ඩ වල හිමිකම විජයග්‍රහනයක්ව දකින අභිප්‍රායයන් පමණක් වීමය . ව්‍යාපරික ලෝකය මේ පිරිස හඳුන්වන්නේ Milleniols යනුවෙනි. හුදෙක් වයස අවුරුදු 23ත් 38 ත් අතර පුද්ගලයන් මෙහිලා සැලකේ.

අභියෝග මෙන්ම අවධානම්ද එලෙසම පවතිමින් ව්‍යාපාරික ලෝකය අභිරුචිකරණය  හෙවත් Customization

කලාව පසුපස දැඩිසේ හඹා යමින් සිටින්නේ එයින් ලැබෙන ප්‍රතිලාභ ද ඊට නොදැවනි වන හෙයිනි.

ප්‍රතිලාභ

  1.  New Shape -  භාණ්ඩයට / සේවාවට නව හැඩයක් ලැබීම.
  2. New Attraction -භාණ්ඩයට / සේවාවට  අළුත් ආකර්ෂණයක්  ලැබීම.
  3. Charge more - වැඩි මුදලක් අය කළ හැකි වීම.
  4. Build customer Loyalty - පාරිභෝගිකයන් නැවත නැවතත් එම ආයතනයට පැමණීම හෝ භාණ්ඩයට / සේවාවට   පාරිභෝගිකයන් ඇඳ බැඳතබා ගත හැකි වීම.
  5. Make Luxury item more affordable - වඩාත් සුඛෝපභෝගි භාණ්ඩ / සේවා මිලට ගැනීමට අවස්ථාව උදා කිරීම..
  6. Win over Milleniols -  භාණ්ඩයට / සේවාවට ඉහලම තත්වයෙන් මිලට ගත හැකි පිරිස ව්‍යාපාරයේ පාරිභෝගික දත්ත බැංකුවේ වත්කමක් වීම ආදියද ඒ අතර වේ.

තත්වය එසේ නම් Customisation වීම සදාතනිකවම පවතින කලාවක් විය යුතුය. එසේම ඔබේද මගේද ව්‍යාපාරය ද මෙම වටිනා උරුමය ලද යුතුය.  ඔබට හිමි ව්‍යාපාරය කුමක්ද යන්න ඊට අදාළ නැත.

අපට Customize කල හැක්කේ මොනවාද ? 

  1.  භාණ්ඩය / සේවාව හා වර්ණ සම්බන්ධව නම්, පාරිභෝගිකයන් හට රිසි වර්ණ තේරීම
  2.  භාණ්ඩය / සේවාව  හා සම්බන්ධව සුවඳ , රසය , පූකාශන , අදාළ නම් රිසි දේ තේරීමේ අවස්ථාව.
  3.  භාණ්ඩය / සේවාව සම්බන්ධව සවිමත්බව , මෘදු බව අවැසි වන පරිදි අඩංගු දෑ ( materials / ingredients / parts ) අඩු වැඩි කර ගත හැකි වීම.
  4. භාණ්ඩය / සේවාව සම්බන්ධව මිල ගණන් / ගෙවීම් ක්‍රම වල වෙනස්කම්.
  5.  භාණ්ඩය / සේවාව සම්බන්ධව සපයන උපකාරක සේවා ( Added Services ) තෝරා ගැනීම , ඒ අනුව මිල ගණන් සඳහා ඇති ක්‍රමවේද වල සැපයුම.
  6. භාණ්ඩය / සේවාව  සම්බන්ධව ඇති කොන්දේසි හා නීතිමය බැඳීමි වල පහසුව යනාදියද

තවත් නොකී බොහෝ දේ මෙහිදී සැලකිය

 

ඔබ දැන් මේ සමබන්ධව උද්‍යෝගයෙන් නම් ...දැනටමත් Customize  Business  එකක් ගැන සිහිනයක් දකිනවා වන්නට පුළුවනි.


එනමුදු ,  එය පහසු ඉලක්කක් ද නොවේ…..සැබවින්ම එය අභියෝගයකි.

සාර්ථක Customized ව්‍යාපාරයක් ආරම්භ කිරීමට 

  • පළමුව , පාරිහෝගිකයා අපගෙන් බලාපොරොත්තු වන සියළු දෑ අපට customize  කළ නොහැකි බව දැන ගත යුත්තකි. එසේ වුවද ඔවුන් අපගෙන් බලාපොරොත්තු වන්නේ කවරක්ද යන්න වටහා ගත යුතුය. ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් කරා යා යුතුය. මෙ සඳහා  වූ ක්‍රම කිහිපයකි.

දැනට විකුණුම් කරන භාණ්ඩය / සේවාවක නම් මේ පිළිබඳ  සමීක්ෂණ (Surveys ) , පුද්ගල සංවාද ( Live  Customers Conversation ), පාරිභෝගික ප්‍රතිචාර ( Customer Feedback) මෙන්ම සරල විමසීම්   ප්‍රශ්නාවලියක් (Questionary) මගින් වුවද මේවා සැලසුම් කර ගත හැක .මේ සඳහා වූ තෝතැන්න වූ, අද දවසේ සමාජ මාධය ජාලා මෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි හරහා පහසුවෙන් කර ගැනමේ හැකියාව පවතී.  උදාහරණයක් ලෙස ඔබ Facebook සමාජ ජාලය පරිහරණය කරන්නෙක් නම් , ඔගේ භාණ්ඩය / සේවාව සම්බන්ධව පල කරන පෝස්ටුව හරහා .. ලැබෙන Feedback Tag කිරීම මගින් පුද්ගල අභිරුචිකත්වයන් පහසුවෙන් දැන හඳුනා ගත හැක.

  • දෙවනුව හදුනාගත් පාරිභෝගික අභිරුචිකත්වයන් නිවැරදි වශයෙන් විශ්ලේශණය එසේත් නැත්නම් පෙරීම සිදු ළ යුතු වේ . මෙම කටයුත්ත වෘත්තීය මටිටමමින් සිදු කරන්නේ නම් මේ සඳහා සහාය දක්වන මෘදුකාංග හසුරවන්නන්ගේ සහාය ලබා ගැනීම සිදු වේ. Data mining යනු එවැනි පහසුකමි සලසන විශේෂ වූ ද විශාල වූද විෂය පථයකි.

 Success Stories -ලොව දිනූවෝ  

.

ව්‍යාපාර 

Dell සමාගමට අමතරව ,ව්‍යාපාර  රැසක්ම තම ව්‍යාපාරයන්හි භාණ්ඩ හා සේවා සැපයීම..පුද්ගල අභිරුචිකත්වයන් ඔස්සේ සිදු කරනු ලබයි.  

ඒ අතර  Nikid  සමාගම  සිය Customizeable Shoes නිපදවන අතර , Nissan සමාගම Personalized Engine and Spares යොදා ගනිමින් වාහන නිපදවනු ලබයි. ලොව පුරා වෙසෙන Gmail ,Yahoo mail භාවිත කරන්නන් පවා සිය ගිණුම් වල යෙදවුම් සිය රුචිකත්වය පරිදි වෙනස්කර ගන්නේ Customized  වීමේ ප්‍රතිළුලයක් ලෙසිනි. Customized wallpaper, Themes යනු එහි සුලභම භාවිතාවන් වේ.

පරිගණක යෙදවුම් හා මෘදුකාංග බහුලව හසුරුවන ඔබ ට හුරු පුරුදු Installation අතර Customized Installation කරනුයේ මෙහි ප්‍රථිපලයක් වශයෙන් බව දැනගෙන නො සිටියා වන්නට පුළුවනි

අප රට තුළද මෙම යෙදුම් ඉතා ඉහළ මට්ටමින්  ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයක් ලෙස මුද්‍රණ ක්ෂේත්‍රය ( Printing )  දැක්විය හැක. එහිදි පෝස්ටර් , බැනර් , Screen-printing  හි  T shirt , mugs , packing , Embroidery මෙන්ම Tile Design , Porcelain  Design වැනි සියළු වර්ග සදහන් කර දැක්විය හැක.

ඔබද සාර්ථක ව්‍යාපාරය ක් ගැන සිහින දකින්නෙකු නම් Customized  භාණ්ඩ හෝ සේවා සැපයීමේ අසිරිය අත් දකමින් සාර්ථක ව්‍යාපාරයකු වන්න.

සැකසුම: හිමාලි එරංගිකා  ( ජ්‍යෙෂ්ඨ උපදේශිකා - ශ්‍රී ලංකා  වෘත්තීය පුහුණු අධිකාරිය ( VTA - Vocational Training Authority ) )


මීලඟ හමුවීම - Customization හා  වෘත්තීය පුහුණුව (VTA )


 

Comments